Tuesday, May 14, 2024

General line - 0115112241

දකුණේ තත්ත්වයෙන් ඉන්ෆ්ලූවෙන්සා එන්නතේ මිල වැඩි වෙයි

පසන් වික්‍රමතිලක




ඉන්ෆ්ලූවෙන්සා එන්නත ඇතැම් පෞද්ගලික රෝහල් අධික මුදලකට අලෙවි කරන බවට පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය පවසනවා.

එහි සභාපති රංජිත් විතානගේ කියා සිටියේ දකුණු පළාතේ පෞද්ගලික රෝහල් තුළ මෙම එන්නත ලබා දෙන්නේ රුපියල් 5800ක මුදලකට බවයි. 

මෙම එන්නත සහනදායි මිලකට ලබාදීමට රජය කටයුතු කළ යුතු බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ. 

දකුණු පළාතේ පැතිර යන ඉන්ෆ්ලූවෙන්සා වෛරසය හේතුවෙන් මේ වනවිට ළමයින් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මේ හේතුවෙන් එම පළාතේ පෙර පාසල් ලබන 10 වැනිදා තෙක් තවත් දින 05ක කාලයක් වසා තැබීමටයි අධ්‍යාපන බලධාරීන් තීරණය කර ඇත්තේ. 

මේ අතර දකුණු පළාත තුළ පැතිර යන මෙම උණ රෝගය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී විශේෂ ප‍්‍රකාශයක් සිදුකිරීමට බලාපොරොත්තු වන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන කියා සිටියා. ඒ සම්බන්ධයෙන් මේ වනවිටත් කතානායකවරයාගෙන් ඉල්ලීමක් කර ඇති බවයි මන්ත‍්‍රීවරයා කියා සිටියේ.