Wednesday, May 15, 2024

General line - 0115112241

හේම නලින් අභාවප්‍රාප්ත වෙයි




ප්‍රවීණ මාධ්‍යවේදී හේම නලින් කරුණාරත්න මහතා හදිසියේ අභාවප්‍රාප්තවී තිබෙනවා. ඒ මාළඹේ පිහිටි ඔහුගේ නිවසේදීය.

ජනපි‍්‍රය රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු වු හේම නලින් කරුණාරත්න මහතා අභාවප‍්‍රාප්ත වි ඇත්තේ මාළඹේ මිල්ලගහවත්ත 3වන පටුමගේ පිහිටි ඔහුගේ නිවසේදීයි. මියයන විට ඔහු 55වන වියේ පසුවුණා. ඊයේ (04) රාති‍්‍රයේ සිට ඔහුගේ නිවසේ කාමරයේ දොර විවෘත නොකළ බැවින් ඒ පිළිබඳ අද දහවල් නිවැසියන් සොයා බලා තිබෙනවා. එම අවස්ථාවේදී ඔහුගේ මෘත ශරීරය දැක ඇති බවටයි නිවැසියන් පොලීසියට දැනුම් දී ඇත්තේ.

හේම නලින් කරුණාරත්න මහතා ජාතික රූපවාහිනියේ විකාශය වූ නවයයි පහ වැඩසටහන ඇතුලූ ජනාදරයට පාත‍්‍ර වූ රූපවාහිනී වැඩසටහන් රැසකට නිෂ්පාදනයෙන් සහ නිවේදනයෙන් දායකත්වය ලබා දුන්නා.