Wednesday, December 4, 2024

General line - 0115112241

සිංගප්පූරුවට යමින් තිබූ සල්ලි මල්ලක් අල්ලයි

ටී.කේ.ජී කපිල




රුපියල් හාරකෝටි හැත්තෑ තුන් ලක්‍ෂයකට අධික වටිනාකමකින් යුත් විදේශ මුදල් තොගයක් සිංගප්පූරුවට රැගෙන යාමට තැත්කළ පුද්ගලයෙකු රේගු නිලධාරීන් මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කටුනායක ගුවන් තොටුපොල ආරක්‍ෂක නිලධාරීන් විසින් සිදුකරන ස්කෑන් පරීක්‍ෂාවේදී මෙම විදේශ මුදල් තොගය සොයාගෙන ඇති බවයි වැඩබලන රේගු මාධ්‍ය ප‍්‍රකාශක විපුල මිනුවන්පිටිය පැවසුවේ.

සැකකරු ගමන් මළු 3 ක පතුලෙහි සගවා මෙම මුදල් රටින් පිට කිරීමට තැත් කර තිබෙනවා. මෙම විදේශ මුදල් අතර අමෙරිකානු ඩොලර්, යුරෝ, සෞදි රියාල්,  ඕමාන් රියාල්, ස්විස් ෆ‍්‍රෑන්ක් තිබූ බවයි වැඩබලන රේගු මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.