Wednesday, May 15, 2024

General line - 0115112241

පෙපර්මින්ට් කියා බෙහෙත් පෙති කෑ දරුවා මරුට

රංජිත් රාජපක්ෂ - හැටන්




පෙපර්මන්ට් යැයි සිතා වෙළඳපොළේ ජනප්‍රිය පැරසෙටමෝල් පෙති වර්ගයක් අධික ලෙස ආහාරයට ගත් කුඩා පිරිමි දරුවෙකු රෝහල් ගත කිරිමෙන් අනතුරුව අද (06) අලුයම මිය ගොස් තිබෙනවා.

මෙසේ මිය ගොස් ඇත්තේ මස්කෙලිය පොලිස් වසමට අයත් නොටින්හැම් වතු යායේ පදිංචිව සිටි ශ්‍රී මනෝ ක්‍රිෂ්ණන් මර්දි නැමති අවුරුදු 04ක් වයසැති පිරිමි දරුවෙක්.

නිවසේ තිබු මෙම බෙහෙත් පෙති රැගෙන මෙම දරුවා කමින් සිටියදි එ් බව දුටු  දරුවාගේ මව සහ පියා විසින් දරුවාව දික්ඔය මුලික රෝහල වෙත ඇතුළත් කර තිබුණා.

පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා නාවලපිටිය මූලික රෝහල වෙත ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මෙසේ දරුවා මියගොස් තිබෙනවා.