Monday, April 29, 2024

General line - 0115112241

සුපිරි ඉන්දීය නිලියක් රඟපාන අමෙරිකානු නාට්‍යයක් නිසා ඉන්දියාව ගිනි ගනියි (PHOTOS/VIDEOS)

දිනුක් හේවාවිතාරණ - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




සුපිරි බොලිවුඩ් නිලි ප්‍රියංකා චොප්රාට එරෙහිව ඉන්දියාවේ මේවන විට දැඩි විරෝධයක් එල්ල වී තිබෙනවා. ඒ මේ දිනවල අමෙරිකාව ඇතුළු යුරෝපයේ ප්‍රචාරය වන ජනප්‍රිය ටෙලි නාට්‍ය මාලාවක් වන "Quantico" කතාංග මාලාවේ සිදුවීමක් අරඹයා බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙම කතා මාලාවේ ප්‍රධාන චරිතය රඟ දක්වන ප්‍රියංකා චොප්රා එෆ්බිඅයි නිලධාරිනියක් ලෙස කතා මාලාවේ සිය භූමිකාව රඟ දක්වනවා. ජුනි මස 01 වනදා විකාශය වූ කතා මාලාවේදී කාශ්මීරයේ සිදුවන ත්‍රස්ත ප්‍රහාරයක් වැළැක්වීමේ ජවනිකාවක් සම්බන්ධයෙන් විකාශනය වී ඇති අතර ඒ හරහා සිය මවු රටට අපකීර්තියක් ගෙන දුන් බව කියමිනුයි ඉන්දීය වැසියන් ඇයට එරෙහිව විරෝධතා මාලාවක් දියත් කර ඇත්තේ.

කෙසේ නමුත් තමන් නියම ඉන්දියානුවෙක් බවත් පසුගිය කතා මාලාවේ විකාශනය වූ සිදුවීම් කිහිපයක් හේතුවෙන් ඉන්දීය ජනතාවගේ හැඟීම් සහ සිතුවිලි වලට ඇතිවූ වේදනාව ගැන තමා කනගාටුවට සහ වේදනවාට පත්වන බවත් එය හිතාමතා කළ දෙයක් නොවන බව දන්වමින් ඇය ට්ව්ටර් පණිවිඩයක් පළකර තිබෙනවා.

කෙසේ නමුත් මේ වන විට බහුතර ඉන්දීය ප්‍රේක්ෂකයින් අන්තර්ජාලය ඔස්සේද ඇයට සිය අප්‍රසාධය පළකර ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර මෙම කතා මාලාව විකාශනය කරනු ලබන සහ නිෂ්පාදනය කරනු ලබන අමෙරිකාවේ ABC නාලිකාවද ඉන්දීය ජනතාවගෙන් සමාව අයැද ප්‍රකාශයක් නිකුත් කර ඇති අතර එහි වැඩි දුරටත් සඳහන් වන්නේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රියංකා චොප්රාගේ කිසිදු සම්බන්ධයක් නැති බවත් අඩුම වශයෙන් මෙම කතාවේ තිර පිටපත ඇය නොලියු බව සහතික කර සිටිනවා.

ඉන්දියාව සහ පාකිස්ථානය 1947 වසරේදී දෙකඩ වීමෙන් අනතුරුව කාශ්මීරයේ යුද්දයන් දෙකක් පැවතුනා. මේ දක්වාද කාශ්මීරයේ අයිතිය තමන් සතු බව කියමින් දෙපාර්ශයම තම අයිතිය තහවුරු කර ගැනීමට ප්‍රයත්න දරමින් සිටිනවා.