Thursday, December 26, 2024

General line - 0115112241

හිටපු මැලේසියානු අගමැතිවරයාගේ නිවසින් නිධානයක් මතුවෙයි

තරංග රුක්ෂාන් - විදෙස් මාධ්‍ය ඇසුරෙන්





මැලේසියානු හිටපු අග‍්‍රාමාත්‍ය නජීබ් රසාක් සහ ඔහුගේ බිරිඳට අයත් අමෙරිකානු ඩොලර් මිලියන 273කට අධික තවත් වත්මක් තොගයක් එරට පොලිස් භාරයට ගෙන තිබෙනවා. ඒ අතරට රන් ආභරණ, ඔටුනු සහ මිල අධික කාන්තා අත්බෑගද අයත්. පොලිසිය පැවසුවේ රත‍්‍රං සහ දියමන්ති මිශ‍්‍ර අමෙරිකානු ඩොලර් මිලියන 1.6 ක් වටිනා කර මාලයක් ද මෙහිදී සොයාගත් බවයි.

කුඩු ඔටුනු 14ක්, මිල අධික කාන්තා අත්බෑග 272ක් ද සොයාගෙන තිබෙනවා. අත්බෑග තුළ තිබී අමෙරිකානු ඩොලර් මිලියන 30ක මුදලක්, ඔර්ලෝසු 423ක් සහ අව් කණ්නාඩි 234ක් සොයා ගැණුනා. මැලේසියානු ඉතිහාසයේ එක් පුද්ගලයෙකු සතුව තිබී සොයාගත් වැඩිම වටිනාකමකින් යුත් භාණ්ඩ තොගය මෙය බවයි එරට පොලිසිය පවසන්නේ. 

ඉකුත්දා පැවති මහ මැතිවරණයෙන් පරාජයට පත්වූ මැලේසියානු හිටපු අග‍්‍රාමාත්‍ය නජීබ් රසාක්ට රටින් පිටවීම ද තහනම් කෙරුණා. මීට පෙරද ඔහු සහ ඔහුගේ පවුලේ සාමාජිකයින්ට අයත් බව කියන මිලියන ගණනක දේපළ එරට පොලිසිය විසින් සොයාගනු ලැබුවා.