හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත්කිරීම සඳහා කැපවී කටයුතු කරන බව ඉකුත්දා ආණඩුවෙන් ඉවත් වූ දහසයේ කණ්ඩායමේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්රීී චන්දිම වීරක්කොඩි පවසනවා.
"මහින්ද රාජපක්ෂ මහත්මය අගමැතිවරයා බවට පත් කරන්න කඩිනම් වැඩපිළිවෙලක් අපි ක්රයිත්මක කරනව. ආණ්ඩුවේ ඉන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 23 දෙනාටත්, එක්සත් ජාතික පක්ෂයේ ප්රගතිශීලී මන්ත්‍රීවරුන්ටත් අපි ඒ සඳහා ඇරයුම් කරනවා."
පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මෙම අදහස් පළ කළේ ගාල්ලේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.