Thursday, December 26, 2024

General line - 0115112241

ඉන්දියාවේදී ලාංකිකයෙක් අත්අඩංගුවට : අවි ආයුධ තොගයක් සොයා ගැනේ

දිනුක් හේවාවිතාරණ




නිතිවිරෝධිව මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට පැමිණි ශ්‍රී ලාංකිකයෙක් රාමේෂ්වරම් වෙරළේදී අත්අඩංගුවට ගැනීමට එරට ආරක්ෂක අංශ ඊයේ (27) සමත්ව තිබෙනවා. 

රාමේෂ්වරම්, උචිපුලි වලගංගපුරි වෙරළ තිරයේ සැකකටයුතු ලෙස හැසිරෙමින් සිටි පුද්ගලයින් තිදෙනෙකු පිළිබඳව සැක සිති ඔවුන් පරික්ෂා කිරීමට ගිය ඉන්දියානු පොලිස් නිලධාරින් කණ්ඩායම් ඉන් එක් පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇති අතර අනෙක් දෙදෙනා ඒ අසල පිහිටි කැලයකට පලා ගොස් තිබෙන බවට ඉන්දියාවේ First Post වෙබ් අඩවිය වාර්තා කරනවා.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරම් හි පදිංචි සාගයා ස්ට්ෆන් නමැති පුද්ගලයෙක් අතර ඔවුන් ඉන්දියාවට පැමිණීමට යොදා ගත් බව කියන බෝට්ටුව සහ සුසුකි වර්ගයේ එංජිම ද පොලිසිය විසින් සොයා ගෙන තිබෙනවා. මෙම තිදෙනා ඉන්දියාවට පැමිණි හේතුව පිළිබඳව මෙතෙක් අනාවරණය වී නැති බවයි එරට ආරක්ෂක අංශ සඳහන් කරන්නේ.

මේ අතර NDTV පුවත් සේවය සඳහන් කරන්නේ ඉකුත් 26 වනදා සවස ඉන්දියාවේ රාමේෂ්වරම් ප්‍රදේශයේ දී වලදමා තිබු පතොරම් පෙට්ටි 50 ක් ඇතුළු අවි ආයුධ තොගයක් සොයා ගෙන ඇති බවයි. වැසිකිලි පද්ධතියක් ඉදිකිරීමේ කටයුතු නිරතවෙමින් සිටි සේවකයින් පිරිසක් මුලින්ම මෙම අවි ආයුධ තොගය දැක තමිල්නාඩු පොලිසිය දැනුවත් කර ඇති අතර පොලිසිය පැමිණ වලදමා තිබු එම අවි ආයුධ පිටතට ගෙන තිබෙනවා.

එසේ වලදමා තිබු විවිධ වර්ගයේ පතොරම් පෙට්ටි 50ක්, සැහැල්ලු මැෂින් තුවක්කු 41ක්, මැෂින් තුවක්කු 22ක්, බිම් බෝම්බ 5ක්, ඩෙටනේටර් ඇතුළු අවි ආයුධ මෙලෙස හමුවී ඇති අතර 1980 වර්ෂයේදී එම ප්‍රදේශයේ ක්‍රියාකාරිව සිටි එල්ටිටිඊ ත්‍රස්තවාදීන් මේවා සඟවා තබන්නට ඇති බවට සැක පල කරනවා.