Wednesday, May 15, 2024

General line - 0115112241

මම වරදක් කර නැහැ - විජයකලා මහේෂ්වරන්

ඩිල්ෂාන් මඩවල / නිෂාන් ද සිල්වා




රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් තමන් ඉල්ලා අස්වූවත්, වරදක් කළ බව තමන් පිළිනොගන්නා බව විජයකලා මහේෂ්වරන් පවසනවා. තමන් ඉල්ලා අස්වුයේ තමන් කළ ප‍්‍රකාශයක් සම්බන්ධයෙන් නීතිපතිවරයා හරහා සිදු කෙරෙන විමර්ශනවලට පහසුවක් ලෙස බවයි ඇය වැඩිදුරටත් පැවසුවේ.

රාජ්‍ය අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් නෙත් නිවුස් සමග ඊයේ රාති‍්‍රයේ කළ විශේෂ සංවාදයකදී  විජයකලා මහේෂ්වරන් මේ බව පැවසුවා.

විජයකලා මහේෂ්වරන් රාජ්‍ය අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වීමට ගත් තිරණය පිළිබඳ මහජන මතයද නෙත් නිවුස් විමසා බැලූවා. මේ ඒ ඇසුරෙන් සකස් කළ විශේෂාංගයක්.

මේ අතර රාජ්‍ය අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වුවත් විජයකලා මහේෂ්වරන් සම්බන්ධයෙන් විමර්ශන තවදුරටත් සිදු කෙරුණු ඇතැයි දේශපාලන ආරංචි පවසනවා. 

නිතිපතිවරයා හරහා කෙරෙන විමර්ශනවලට අමතරව එක්සත් ජාතික පක්ෂය විසින්ද ඇය සම්බන්ධයෙන් විනය පරික්ෂණයක් සිදු කිරීමට නියමිතයි. මෙම විනය පරික්ෂණය සඳහා වන විනය මණ්ඩලය අද (06) නම් කෙරෙණු ඇතැයි විශ්වාස කෙරෙනවා.