වාහනයක් නඩත්තු කරන සෑම පුද්ගලයෙකු සහ නිවාඩු සඳහා විදෙස් ගත වන පුද්ගලයින්ගෙන් බදු අය කළ යුතු බවට දේශීය ආදායම් බදු කොමසාරිස් ජනරාල්වරයා ඉකුත්දා කළ ප‍්‍රකාශයට එ්කාබද්ධ විපක්ෂය විරෝධය පළ කරනවා.
දේශීය ආදායම බදු කොමසාරිස් ජනරාල් අයිවන් දිසානායක ඉකුත්දා මෙම ප‍්‍රකාශය සිදු කර තිබුණා.
දේශීය ආදායම් බදු කොමසාරිස් ජනරාල්වරයාගේ මෙම ප‍්‍රකාශයට එ්කාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර සිසිර ජයකොඩි ප‍්‍රතිචාර දැක්වූවා. එහිදී ඔහු පෙන්වා දුන්නේ "අපේ රටේ මිනිස්සු වාහනයක් ගන්න අවුරුදු 10ක් විතර දුක් විඳිනවා.. එහෙම ගන්න වාහනයත් එළියට ගන්නේ සතියට එක දවසයි..දෙකයි.. ඉන්ධන සහ අනෙකුත් වියදම් ඔවුන්ට දරා ගන්න බෑ. එවන් තත්ත්වයක් තුළ මෙවැනි ප්‍රකාශ කිරීම කොයිතරම් දුරට සාධාරණද යන්න සිතා බැලිය යුතුයි." යන්නයි.
නිවාඩු සඳහා විදෙස් ගත වන පුද්ගලයින්ගෙන් බදු අය කිරීමට තීරණය කිරීම සාධාරණ නොවන බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.