Tuesday, May 14, 2024

General line - 0115112241

උතුර නැගෙනහිරට ඉන්දීය ආයෝජකයින් එවන්න - විපක්ෂ නායක

හේමන්ත කහවලගේ




ඉන්දීය විදේශ කටයුතු ලේකම් විජෙයි ගෝහාල් සහ විපක්ෂ නායක ආර්. සම්පන්දන් අතර හමුවක් සිදුව තිබෙනවා. මෙහිදී විපක්ෂ නායකවරයා සදහන් කර ඇත්තේ නව ආණ්ඩුක්‍රම වයවස්ථා සංශෝධනය ඉදිරි පළාත් පාලන මැතිවරණයට පෙර සම්මත කර ගත යුතු බවත් වත්මන් පාර්ලිමේන්තුවේ පනත සම්මත කර ගැනීම සදහා තුනෙන් දෙකක බලය ඇති බැවින් ඒ සදහා මේ වසර අවසානයට පෙර කටයුතු කළ යුතු බවයි. " ලැබී තිබෙන මේ අවස්ථාව අත්හැර ගත යුතු නැති බව" මෙහිදී විපක්ෂ නායකවරයා අවධාරණය කර ඇති බව නිවේදනයේ දැක්වෙනවා.

"  නොබෙදුනු ශ්‍රී ලංකාවක් තුල විසදුම් සෙවීමට අපට අවශ්‍යයි. මෙම දිගුකාලින ජාතික ප්‍රශ්නය නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් විසඳ ගත යුතුයි" යනුවෙන් මෙහිදී විපක්ෂ නායකවරයා වැඩිදුරටත් සදහන් කර සිටියා.

මේ අතර ඉන්දියාවේ සිටින ආයෝජකයින්ට ශ්‍රී ලංකාවේ උතුර සහ නැගෙනහිර පළාතේ ආයෝජනය කිරීමට පැමිණෙන ලෙස දන්වන්නැයි විපක්ෂ නායකවරයා විසින් ඉන්දීය විදේශ කටයුතු ලේකම්වරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. විපක්ෂ නායකවරයා සදහන් කර ඇත්තේ මේ තුලින් ආර්ථික වර්ධනය මෙන්ම ප්‍රදේශයේ රැකියා අවස්ථාවන් ඇතිවන බවයි.

පසුගිය යුධ සමයේදී ඉන්දියාවට පලා ගිය ශ්‍රී ලාංකිකයින් යලි සිය රට පැමිණි පසු ඒ පුද්ගලයින්ට සහය දැක්වීමට කටයුතු කරන බව මෙහිදී ඉන්දීය විදේශ කටයුතු ලේකම්වරයා දැනුම් දී තිබෙනවා.