Thursday, May 9, 2024

General line - 0115112241

බස්නාහිර පළාත් මහ ඇමති කණගාටුවෙයි

කසුන් කැළුම්




උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී. වී. විග්නේෂ්වරන්ගේ කි‍්‍රයා කලාපය පිළිබඳව තමන් කනගාටු වන බව බස්නාහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය ඉසුර දේවපි‍්‍රය පවසනවා.

උතුරේ යුද හමුදාවට තමන්ගෙන් නොවිමසා කිසිඳු තොරතුක් ලබා නොදෙන්නැයි රාජ්‍ය නිලධාරීන් වෙත උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍යවරයා ඉකුත්දා පවසා තිබුණා. ඊට ප‍්‍රතිචාර දක්වමින් බස්නාහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය ඉසුර දේවපි‍්‍රය කියා සිටියේ උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍යවරයා මීට වඩා බුද්ධිමත්ව කටයුතු කළ යුතු බවයි.

මෙවැනි ප‍්‍රකාශ සිදු කරන උතුරේ දේශපාලනඥයින්ට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක නොවීම පිළිබද කනගාටු වන බවයි බස්නාහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය ඉසුර දේවපි‍්‍රය ප‍්‍රකාශ කළේ.