Thursday, May 9, 2024

General line - 0115112241

ගල්කිරියාගම අනාරක්ෂිත වගා ළිඳක ජීවිතයත් මරණයත් අතර සටනක සිටි වන අලි තිදෙනෙකුගේ දිවි බේරා ගැනේ (PHOTOS)

අශෝක එරමිණිගම්මන




ගල්කිරියාගම අලියාමලගල ප‍්‍රදේශයේ අතහැර දමා තිබූ අනාරක්ෂිත වගා ළිඳකට වැටී දින දෙකක කාලයක් ජීවිතයත් මරණයත් අතර සටනක සිටි වන අලි තුන් දෙනෙකුගේ දිවි බේරාගෙන තිබෙනවා. ඒ, ගල්කිරියාගම වනජීවි නිලධාරීන් සහ ගම්වාසීන් එක්ව දවස පුරා සිදු කළ මෙහෙයුමකින් අනතුරුවයි. 

මෙලෙස බේරාගත් වන අලින් අතරට මාස 06ක පමණ වයසැති අලි පැටවෙකුද සිටි බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ. බැකෝ යන්ත‍්‍රයක් යොදා ගෙන දැඩි පරිශ‍්‍රමයකින් මෙහෙයුම සිදු කෙරුණු බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. 

මව් ඇතින්න සොයා ගැනීමට ප‍්‍රමාද වීමත් සමඟ නොසන්සු ලෙස හැසිරී ඇති අලි පැටවාගේ පහරදීමෙන් දෙදෙනෙකු තුවාල ලැබූ බවයි ගල්කිරියාව අඩවි වන ආරක්ෂක ඞී රාමසිංහ කියා සිටියේ.