Wednesday, May 22, 2024

General line - 0115112241

ප්‍රංශයේ ප්‍රීතිය අවසානයේ නිමා වුණු හැටි (PHOTOS) (VIDEO)




ලොවම බලා සිටි මෙවර පාපන්දු ලෝක කුසලානයේ ශූරතාව ප්‍රංශය දිනා ගැනීමත් සමග ප්‍රංශ ජාතිකයින් එරට වීථිවලට බැස ප්‍රීතිඝෝෂා නගමින් සිය සතුට ප්‍රකාශ කරන්නට පටන් ගෙන තිබුණා.

ඊයේ (15) පැවති අවසන් මහා තරගය ප‍්‍රංශය ජය ගත්තේ වසර 20කට පසුව පාපන්දු ලෝක කුසලානයක සිහිනය සැබෑ කර ගනිමින්.

ඒ ක්‍රොඒෂියාව ගෝල 4-2ක් ලෙස පරාජය කරමින්. 

කෙසේවෙතත් ප්‍රීතිඝෝෂා නගමින් ජය සමරමින් සිටි ප්‍රංශ වැසියන් පාලනයෙන් තොර වීම හේතුවෙන් ප්‍රංශ ආරක්ෂක අංශ අවසානයේ ඔවුන් පාලනය කර ගැනීම සඳහා කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කරන්නට වුණා.