නෝර්වේ තරුණියක දුෂණය කළේ යැයි චෝදනාවකට අත්අඩංගුවට ගැණුනු ක්රිකට් ක්රීඩක ධනුෂ්ක ගුණතිලකගේ මිතුරා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ, කොටුව මහේස්ත්රාත් සහ අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න විසින්.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ සන්දීප් ජූඞ් සෙල්ලයියා නමැති 26 හැවිරිදි බි්රතාන්ය ගමන් බලපත්රයක් හිමි ශ්රී ලාංකිකයෙක්.
කොල්ලූපිටිය ප්රදේශයේ පිහිටි හෝටලයකදී මෙය සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ. අදාළ නෝර්වේ තරුණිය සමග පැමිණි අනෙක් තරුණියට කාමර පහසුකම් සහ ආහාර ඇණවුම් කර ඇත්තේ ක්රිකට් ක්රීඩක ධනුෂ්ක ගුණතිලක විසින් බවයි ඔවුන් පොලිසියට පවසා ඇත්තේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ශ්රී ලංකා ක්රිකට් ආයතනය ද ධනුෂ්ක ගුණතිලකට තරග තහනමක් පැනවීමට ඉකුත්දා තීරණය කළා. විනය කඩ කිරීමට අදාළව සිදු කරන මෙහි පරීක්ෂණ අවසන් වන තෙක් මෙම තරග තහනම පැනවෙනු ඇති. විනය කඩකිරීමක් හේතුවෙන් ධනුෂ්ක ගුණතිලකට ඉකුත් වසරේ ද තරග තහනමක් පනවනු ලැබුවා.