Friday, November 29, 2024

General line - 0115112241

ගාල්ල ක්‍රීඩාංගණය ගැන මහේලගේ මතය

කසුන් කැළුම්




නව කි‍්‍රකට් කී‍්‍රඩාංගණ ඉදි කිරීමට පෙර මෙරට කි‍්‍රකට් කී‍්‍රඩාවේ උන්නතිය වෙනුවෙන් තවත් බොහෝ දේ ලබාදීමට තිබෙන බව ශී‍්‍ර ලංකා හිටපු ක‍්‍රිකට් නායක මහේල ජයවර්ධන පවසනවා.

බී බී සී සංදේශය සමග ලන්ඩන් නුවරදී සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව ප‍්‍රකාශ කළා.

වර්තමානයේ ශී‍්‍ර ලංකාව සතුව තිබෙන ජාත්‍යන්තර කී‍්‍රඩාංගණ ප‍්‍රමාණවත් බවයි මහේල ජයවර්ධන මෙහිදී කියා සිටියේ. ගාල්ල කී‍්‍රඩාංගණය පිළිබදව උද්ගතව ඇති තත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු මේ බව පැවසුවා.
එහිදී "ක්‍රිකට් ක්‍රීඩාංගණ දෙස දේශපාලන කෝණයෙන් බැලීම නතර කළ යුතුයි. එක කණ්ඩායමක් ආපුවාම සූරියවැව ක්‍රීඩා කරන්නේ නෑ.. තවත් කණ්ඩායමක් ආපුවාම දඹුල්ලේ ක්‍රීඩා කරන්නේ නෑ.. මේවයි වෙනස් වෙන්න ඕනේ. ගාල්ලේ තියෙන ප්‍රශ්නය විසඳන්න විශාල මුදලක් වියදම් කරලා අලුත් ක්‍රීඩාංගණයක් හැදීම සුදුසු නෑ. මම හිතන්නේ දැන් හදලා තියෙන ක්‍රීඩාංගණ හොඳටම ඇති." යනුවෙන් සඳහන් කළා.

මේ අතර ගාල්ල කී‍්‍රඩාංගණය සම්බන්ධයෙන් මෙරට යුනෙස්කෝ සංවිධානයේ නියෝජිතයන් සහ කී‍්‍රඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා අතර සාකච්ඡාවක්ද අද (24) පැවැත්වීමට නියමිතව තිබෙනවා.