Thursday, December 26, 2024

General line - 0115112241

විග්නේශ්වරන් ගොනු කළ පෙත්සමට දින දෙයි

අධිකරණ වාර්තාකරු




උතුරු පළාත් සභාවේ ධීවර හා ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ බී. ඩෙනීෂ්වරන් එම තනතුරෙහි අඛණ්ඩව කටයුතු කිරීම බලාත්මක කරමින් ලබා දුන් අභියාචනාධිකරණයේ නියෝගය අභියෝගයට ලක්කරමින් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියාචන පෙත්සමක් ගොනු කර තිබෙනවා.

එම පෙත්සම අද (26) දින ශ්‍රේෂ්ඨාධිකරණයේ බුවනෙක අලුවිහාරේ ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවු අතර එය සැප්තැම්බර් මස 05 වැනිදා සලකා බැලීමට දින නියම කෙරුණා.

උතුරු පළාත් සභාවේ ධීවර හා ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ බී. ඩෙනීෂ්වරන් එම තනතුරෙන් ඉවත් කිරීමට උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් ගත් තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය මීට පෙර අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා.

උතුරු පළාත් මහ ඇමතිවරයා විසින් ගොනු කළ මෙම පෙත්සමෙන් උතුරු පළාත් සභාවේ ධීවර හා ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ බි. ඩෙනීෂ්වරන් සහ නීතිපතිවරයා වගඋත්තරකරුවන් ලෙසට නම් කර තිබෙනවා.