Thursday, December 26, 2024

General line - 0115112241

මහින්දගේ නම ගලවනවට තවත් ඇමතිවරයෙක් විරුද්ධ වෙයි

නිශාන් ද සිල්වා




ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේ ක‍්‍රීඩාගාරයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නම ඉවත් කරන්නේ නම් තමන් ද ඊට විරෝධය පළ කරන බව අමාත්‍ය සරත් අමුණුගම පවසනවා.

ඊයේ (25) කොළඹ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් කළ කරුණු විමසීමකදී අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.

එහිදී "එහෙම ගලවන්නේ කොහොමද?..අපි ඔක්කොම එතුමාගේ කැබිනට් එකේ හිටියනේ...කොච්චර කැත වැඩක්ද තියෙන දේක නම ගලවන්න හදන එක. යමක් කරලා ඒකේ නම තිබ්බාම මොකද. තියෙන දේවල් ගලවන්න ඕනේ නෑ කවුරුත්.. තමන්ට ඕනේ නම් අලුතෙන් එකක් හදලා දාගන්න එකයි ඇත්තේ." යනුවෙන් සඳහන් කළා.

මේ අතර මීට පෙර, ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේ ක‍්‍රීඩාගාරයෙන් මහින්ද රාජපක්ෂ නම ඉවත් කිරීම අනවශ්‍ය ක‍්‍රියාවක් බව අමාත්‍ය ජෝන් අමරතුංග කියා සිටියා.  

එහිදී "මොකද එහෙනම් බණ්ඩාරනායකගේ තියෙන ඒවත් ගලවන්න ඕනෙනේ. මොකක්ද ඒකේ වැරැද්ද. ඩඩ්ලි සේනානායකගේ ඒවා තියෙනවා...ඩී.එස් සේනානායකගේ ඒවා තියෙනවා..." යනුවෙන්ද සඳහන් කළා.