වනඅලියෙකුට බිය වී ගසකට නැගීමට තැත්කළ පුද්ගලයෙකු හතිය රෝගය වැළදී රෝගී තත්ත්වය උත්සන්න වීමෙන් මියගොස් තිබෙනවා.
හම්බන්තොට ගොන්නොරුව 09 කනුව ප්රදේශයේදී මෙම සිද්ධිය ඇති වී තිබෙනවා.
මෙසේ මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 59 ක් පමණ වන විවාහක පුද්ගලයෙක්. මිය ගිය අය ඊයේ (25) රාත්රී 07.00 පමණ තවත් කිහිපදෙනෙකු සමඟ ගවගාලක් ආසන්නයේ රැඳී සිටින අවස්ථාවේ එම ස්ථානයට වනඅලියෙකු පැමිණ ඇති අතර එයින් බියට පත් අය ආසන්නයේ තිබූ ගසකට නැග තිබුණා. ඒ අතර මිය ගිය පුද්ගලයාද ගසට නැගීමට තැත්කිරීමේදී ඔහුට මෙලෙස රෝගී තත්ත්වය හටගෙන තිබෙනවා.
මිය ගිය අයගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා මේ වන විට හම්බන්තොට මහා රෝහලේ මෘත ශරිරාගාරයේ තැන්පත් කර ඇති අතර මේ සම්බන්ධයෙන් හම්බන්තොට මුලස්ථාන පොලිසියද පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
කෙසේ නමුත් මේ දිනවල හම්බන්තොට සූරියවැව යන ප්රදේශ තුළ ක්රියාත්මක වන අවිදිමත් අලි මෙහෙයුම හේතුවෙන් මේ කාරයෙන් වනඅලින් විවිධ ප්රදේශ තුල සැරි සරමින් වනඅලින් බහුල ලෙස නොසිටි ප්රදේශ තුලටද ඇතුළු වී ඇති බවයි හම්බන්තොට සූරියවැව, මදුනාගල ප්රදේශවාසින් කියා සිටින්නේ.