දුම්රිය රියදුරන් ඇතුලූ වෘත්තීය සමිති කිහිපයක් ආරම්භ කළ වර්ජනය හේතුවෙන් දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබෙනවා. ඔවුන් මෙලෙස වර්ජනයේ නිරත වන්නේ රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා ගනු ලැබූ තීරණයකට විරෝධය පළ කරමින්. දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් ඉඩමක සිදු කෙරෙන ඉදිකිරීමක් සඳහා රාජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා විරෝධය පළ කර තිබෙනවා. මෙම වර්ජනය හේතුවෙන් පස්වරුවේ කොළඹ කොටුවෙන් ධාවනය වීමට නියමිතව තිබූ දුම්රිය ගමන් වාර කිහිපයකට ද බාධා එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.
----------------------------------------
දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් හදිසි වර්ජනයක් අරඹයි
දුම්රිය ස්ථානාධිපතිවරුන්, රියදුරන්, නියාමකවරුන් සහ දුම්රිය පාලකවරුන් හදිසි වැඩ වර්ජනයක් කියාත්මකකර තිබෙනවා.
මෙම වර්ජනය අද (26) පස්වරු 4.00 දක්වා මෙම වර්ජනය ක්‍රියාත්මක කරනු ලබනවා.