Thursday, December 26, 2024

General line - 0115112241

උසාවි ගිහින්ම දඬුවම් විඳින්නට සිදුවන රියදුරන් බහුලවම කරනා රථවාහන වරද (VIDEO)

චම්ලි ඒකනායක




පදික මාරුව අවහිරවනසේ වාහන නවතාගෙන සිටීම බොහෝ රියදුරන් විසින් පදිකයින්ගේ අයිතිය උල්ලංඝනය වන ලෙසින් කරනු ලබන වරදකි. මෙම වරද කරනු ලබන රියදුරන් කෙරෙහි පොලිස් නිලධාරීන්ගේ අවධානයද එතරම් යොමුවන්නක් නොවන බවද මේ පිළිබඳ දිගු කලක් විමසිල්ලෙන් බැලීමේදී තහවුරු වන්නකි. ඒ පදික මාරුවක් අසල පොලිස් නිලධාරීන් රාජකාරියේ නිරතවන්නේනම් පදිකයින් හා රියදුරන් යන දෙකොට්ඨාශයම පොලිස් නිලධාරියා විසින් පාලනය කරනා බැවින්ය.

තමන්ට පදික මාරුව පසුකර ඉදිරියට යා නොහැකි බව දැන දැනම කරනු ලබන මෙම වරද රියදුරා අධිකරණය වෙත යොමුකිරීම අනිවාර්ය රථවාහන වරදක් බවයි රථ වාහන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ පොලිස් කොට්ඨාශයෙන් කළ විමසීමකදී පැවසුවේ.