Thursday, December 26, 2024

General line - 0115112241

ගෝඨාභයට බෝම්බ ගැසූ නඩුවේ විත්තිකාර පුජකවරයා නිදොස් කොට නිදහස්කෙරේ




2006 වර්ෂයේදී කොළඹ පිත්තල හංදියේදී හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ගමන් ගත් රථ පෙලකට මරාගෙන මැරෙන ත්‍රස්ථ ප්‍රහාරයක් එල්ල කිරීමට අදාල නඩුවේ විත්තිකරුවකුව සිටි හින්දු පූජකවරයකු සාක්ෂි නොමැති කාරණය මත නඩුවෙන් නිදොස් කොට මුදාහැරීමට කොළඹ මහාධිකරනය නියෝග කළා.

අයිසර් ශ්‍රී ස්කන්දරාජා නැමැති විත්තිකරු වසර 12 ට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතව සිටි අතර ඔහු සම්බන්ධයෙන් පැවැති එකම සාක්ෂිය ලෙසට පැවැති ඔහුගේ පාපොච්චාරණය ද ස්වේච්ඡාවෙන් ලබා නොදුන් එකක් බවට ඔප්පු වී ඇති බැවින් විත්තිකරු නිදොස් කොට මුදාහැරීමට මහාධිකරන විනිසුරු සම්පත් අබේකෝන් නියෝග කළා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් චුදිතයින් 5 කට එරෙහිව නීතිපතිවරයා විසින් මහාධිකරණයේ නඩුපවරා ඇත.