ගුවන් සුරක්ෂිතතාව අතින් ශී‍්‍ර ලංකාව දකුණු ආසියාවේ පළමු ස්ථානයට පත්ව තිබෙනවා. ඒ, ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානය විසින් ඉකුත් මස 04වනදා සිට 14වනදා දක්වා සිවිල් ගුවන් සේවා අධිකාරය තුළ සිදු කළ විගණනයෙන් පසු ලබා දුන් වාර්තාවකට අනුව බවයි ප‍්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පැවසුවේ.
දිනකට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ගුවන් යානා 165ක් පමණ පැමිණෙනවා. දිනකට එම ගුවන් තොටුපළ පරිහරණය කරන ගුවන් මගීන් සංඛ්‍යාව 27,000ක්. එමෙන්ම ශී‍්‍ර ලංකාවේ ගුවන් අවකාශය දිනකට ගුවන් යානා 150ක් පමණ පරිහරණය කරන බවයි නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයා පැවසුවේ.