මහ කොළඹ සම්පේ‍්‍රෂණ සහ බෙදාහැරීම් හානිය අවම කිරීමේ ව්‍යාපෘතිය යටතේ කොළඹ නගරයේ කිලෝ වෝල්ට් 132 පද්ධතියේ අත්‍යාවශ්‍ය වැඩිදියුණු කිරීම් සඳහා අද (27) දිනට සැලසුම් කර තිබූ විදුලි කප්පාදුව හෙට දිනයේ සිදුකෙරෙන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය දන්වා සිටිනවා.
--------------------------------------
කොළඹ ප්‍රදේශ රැසක "හෙට සිට 31 දක්වා" විදුලිය බිඳ වැටේ
26-07-2018 19:59
ලංකා විදුලිබල මණ්ඩලය සැලසුම් කර තිබෙන මහ කොළඹ සම්පේ‍්‍රෂණ සහ බෙදාහැරීම් හානිය අවම කිරීමේ ව්‍යාපෘතිය යටතේ කොළඹ නගරයේ කිලෝ වෝල්ට් 132 පද්ධතියේ අත්‍යාවශ්‍ය වැඩිදියුණු කිරීම් කටයුතු හේතුවෙන් මේ මස 27 දින පෙ.ව.09.00 සිට ප.ව. 03.00 දක්වා අදාළ ප්රදේශයන්ගේ විදුලිය කඩින්කඩ විසන්ධි කිරීමට සිදුවන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය දන්වා සිටිනවා.
ඒ අනුව මේ මස 27 දින පෙ.ව. 09.00 සිට ප.ව. 03.00 දක්වා පහත සඳහන් ප්‍රදේශයන්හි විදිලිය බිඳ වැටෙනු ඇති.
කොළඹ 03 ( ගාලූ පාර, එඩ්වඩ් මාවත, ග්ලෙන් අබිර් පෙදෙස, 8වන පටුමග, පාසල් මාවත, ඇල්ෆ්‍රඩ් හවුස් ගාර්ඩන්ස්, පහළ බගතලේ පාර, බගතලේ පාර)
කොළඹ 04 (ගාලූ පාර, ඉන්ද්‍රා මාවත, හයි පාර, ඩේසිවිලා ඇවනි්‍යු, ඩිවෝස් ඇවනියු, වජිර පාර, ආර් ඒ ද මෙල් මාවත, මිලාගිරිය ඇවනියු, බම්බලපිටිය ටෙරස්, රෙට්රීට් පාර, ශ්රුබෙරි ගාර්ඩන්ස්, උපතිස්ස මාවත, ලොරිස් ලේන්, බෞද්ධාලෝක මාවත, දුම්රියපොල පාර, ආතර්ස් පෙදෙස, මැජෙස්ටික් ඇවනියු, ටේරලවන්නි පෙදෙස, ජාවත්ත පාර)
කොළඹ 05 (තිඹිරිගස්යාය පාර, අයින්ට්ට්රි මාවත, කිරුළ පාර, චිත්‍රා පටුමග, සිරිපා පාර, කැප්පෙටිපොළ මාවත)
කොළඹ 07 ( ටොරින්ටන් ඇවනියු, මිට්ලන්ඩ් ප්ලේස්, විජේරාම මාවත , විද්‍යා මාවත , බෞද්ධාලෝක මාවත, නිදහස් මාවත , ස්ටැන්ලි විජේසුන්දර මාවත , මලලසේකර මාවත)
කොළඹ 08 ( ඇල්විටිගල මාවත, කිතුල්වත්ත පාර, නාරාහේන්පිට පාර, මොඩල් ෆාම් පාර, මංගල පාත්, ගජබා පාර, බේස්ලයින් පාර, ඩී එස් සේනානායක මාවත , ඩඩ්ලි සේනානායක මාවත) යන ප්රදේශයන්ගේ විදුලිය විසන්ධි කෙරේ.
ඊට අමතරව ඉහත සඳහන් පද්ධතිය වැඩිදියුණු කිරීම හේතුවෙන් ජූලි මස 31 දින දක්වා ඇතැම්විට අදාළ ප්රදේශයන්ගේ කඩින්කඩ විදුලිය බිඳවැටීම් සිදුවිය හැකි බවද විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය වැඩිදුරටත් දන්වා සිටිනවා.