Thursday, December 26, 2024

General line - 0115112241

පුන්පෝදා මුවෙක් මරා පාර්සල් කර විකිණූ අයෙක් අත්අඩංගුවට

අමදෝරු අමරජීව




පුර පසලොස්වක පෝය දිනය වු අද (27) ගෝමරන්කඩවලදි මරණ ලද මුවෙකුගේ මස් පාර්සල් කර විකුණු වෙළදසැල් හිමියෙකු මස් තොගයත් සමග අධි ශීතකරණයක් ද වනජිවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ත්‍රිකුණාමලය සහකාර අධ්‍යක්ෂ කාර්යාලයේ නිලධාරින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස කිලෝග්රෑම් එක බැගින් පාර්සල් කල මස් පාර්සල් 11ක් අධි ශිතකරණය තුල තිබි ඇති අතර මස් කිලෝ ග්රෑම් එක බැගින් පාර්සල් පහක් විකුණා තිබි ඇතැයි වනජිවි සහකාර අධ්‍යක්ෂ නීතීඥ ලලිත් කුමාර පැවසුවා.

.අත්අඩංගුවට ගත් සැකකරු මස්තොගය සමග අධිශිතකරණය ද ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.