පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සියළු පීඨ මාස 2 ක් වසා දැමීමට එහි පාලන අධිකාරිය තීරණය කර තිබෙනවා. ඉංජිනේරු පීඨයේ ඇති වී තිබෙන අර්බුදකාරී ගැටළුවක් මත මෙම පියවර ගෙන ඇති බවයි පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පාලන අධිකාරිය පැවසුවේ.
ඒ අනුව අද පස්වරු 6ට පෙර විශ්ව විද්‍යාලයේ නේවාසිකාගාරවලින් ඉවත් වන ලෙසයි උපකුලපති මහාචාර්ය උපුල් බී බස්නායක සිසුන්ට දැනුම් දී ඇත්තේ.