Thursday, December 26, 2024

General line - 0115112241

වී ගොවියා රැකගන්න කියා "කෘෂි ඇමති කී දේ කළොත්" බේකරි කෑම මිල ඉහළ දමනවා - බේකරිහිමියන් කියයි

පසන් වික්‍රමතිලක




තිරිගු පිටි සදහා බද්දක් පැනවීමට රජය කටයුතු කළහොත් සියලූ බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දමන බව, ආණ්ඩුවට තදින් කියා සිටින බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.  

මෙරට සහල් අතිරික්තයක් ඇතිවුවහොත් තිරිගු පිටි සදහා බද්දක් පැනවීමට තමන් යෝජනාවක් ගෙන එන බව අමාත්‍ය මහින්ද අමරවීර ඊයේ කළ ප‍්‍රකාශයට ප‍්‍රතිචාර දක්වමින් මේ සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන් කේ ජයවර්ධන. මේ බව සදහන් කළා.