Thursday, December 26, 2024

General line - 0115112241

ඇමතිගේ ප්‍රකාශය සාවද්‍යයි

පසන් වික්‍රමතිලක




තමන් ඊයේ (26) කි‍්‍රයාත්මක කළ වර්ජනය පිළිබදව රාජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මාධ්‍ය හමුවක් කැදවමින් සාවද්‍ය ප‍්‍රකාශයක් සිදු කර ඇති බව දුම්රිය වෘත්තීය සමිති චෝදනා කරනවා. දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් ඉඩමක ඉදිකිරීමක් නවතා දැමීමට රාජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා ගත් තීරණයකට විරෝධය පාමින් දුම්රිය වෘත්තිය සමිති කිහිපයක් ඊයේ පස්වරුවේ පැය දෙකක විරෝධතාවක නිරත වුණා.

රාජ්‍ය අමාත්‍යවරයා කළ අභියෝගාත්මක ප‍්‍රකාශයක්ද සිය වර්ජනයට හේතු වූ බවයි දුම්රිය රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ පැවසුවේ.