Thursday, December 26, 2024

General line - 0115112241

කොළඹ පාරක් වසා දැමේ




ජලනල එළීමේ ව්‍යාපෘතියක් හේතුවන් කොටහේන ප‍්‍රදේශයේ මාර්ගයක රථවාහන ගමනා ගමනය සීමා කර තිබෙනවා.  

ඒ, අනුව කේ සිරිල් පෙරේරා මාවතේ වාසල හන්දියේ සිට වෝල්ස් ලේන් පාර හන්දිය දක්වා  කොටස ලබන 30 වනදා දක්වා වසා තැබෙන බවයි පොලීසිය පැවසුවේ.

ජොර්ජ් ආර් දසිල්වා මාවතෙන් ඇතුළු වන වාහන වාසල පාර හංදියෙන් වමට හරවා පීල්ඞ් පාර් ඔස්සේ අළුත් මාවතට පිවිස මෝදර සහ මට්ටක්කුලිය දෙසට ගමන් කල හැකියි. මෝදර සහ මට්ටක්කුලිය දෙස සිට මෙම මාර්ගයට ඇතුළු වන වාහන වෝල්ස් පාර හන්දියෙන් දකුණට හරවා එම මාර්ගයෙන් අළුත් මාවතට පිවිස ගමන් කළ හැකි බවයි පොලීසිය පැවසුවේ.