Monday, May 20, 2024

General line - 0115112241

කුවේට් ජාතික යුවලකගෙන් කටුනායකදී රේගු නිලධාරීන්ට ප්‍රහාරයක්

දිනුක් හේවාවිතාරණ




කුවේට් ජාතික යුවලක් විසින් කටුනායක ගුවන් තොටුපල අසලදී එල්ල කල පහර දීමකින් රේගු නිලධාරින් 05 දෙනෙක් තුවාල ලබා රෝහල් ගත කර ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න පවසනවා.

කුවේට් සිට ශ්‍රී ලංකාවට පැමිණි යුවලක් මෙරටට රැගෙන ආ සුනඛයෙක්ව ගුවන් තොටුපලේ රේගු බලධාරීන් විසින් නිදහස් කිරීමට ප්‍රමාද වූ බවට චෝදනා කරමින් එම කුවේට් ජාතික යුවල බලෙන් සුනඛයා රැගෙන ගුවන් තොටුපළෙන් පිටවීමට අද දහවල් උත්සහ දරා තිබෙනවා.

එහිදී එම කුවේට් ජාතික යුවල ගුවන් තොටුපල පරිශ්‍රයෙන් පිටව යාමට ගත් උත්සහය වැළැක්වීමට කටුනායක ගුවන් තොටුපළේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂකවරයා ඇතුළු රේගු නිලධාරින් 05 දෙනෙකු උත්සහ කර ඇති අතර එහිදී එම යුවල අදාළ රේගු නිලධාරීන්ට පහරදී ඇති බවයි රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේ.

රේගු නිලධාරින්ට පහර දීමේ සිද්ධියට සම්බන්ධ සැකකාර කුවේට් ජාතික යුවල සහ ඔවුන් මෙරටට රැගෙන ආ සුනඛයා මේ වන විට පොලිසියට භාරදී තිබෙනවා.