Monday, May 20, 2024

General line - 0115112241

නෙත් එෆ් එම් වැසි සළු පූජා කිරීමේ පිංකම




නෙත් එෆ් එම් රේඩියෝව සංවිධාන කරන කඨින මහා පුණේ‍යා්ත්සවය වෙනුවෙන් වැසි සළු පූජා කිරීමේ පිංකම අද (27) පස්වරුවේ සිදු කෙරුණා. ඒ, දෙකටන හැලූම්මහර බවුන්සෙත් සුව සෙවණේදීයි. ඒ පිළිබඳ තොරතුරු නෙත් විශේෂ නියෝජිත වරුණ එදිරිසිංහගෙන්.

මේ අතර ඇසළ පුර පසලොස්වක පෝදා නෙත් එෆ් එම් රේඩියෝවේ ශ්වේත පූජා වැඩසටහන ගාල්ල, බූස්ස කදුරුපේ ශී‍්‍ර සුධර්මාරාම විහාරස්ථානයේදි අද දවස පුරා පැවැත්වෙනවා. අද පෙරවරුවේ සිට මේ දක්වා විවිධ පිංකම් රැසක් එම විහාරස්ථානයේදි සිදු කෙරුණා. රාතී‍්‍ර 07ට පූජ්‍යපාද ලේනව මංගල ස්වාමීන් වහන්සේගේ වැඩමවීමෙන් පැවැත්වෙන ධර්ම දේශනාව 
නෙත් එෆ් එම් රේඩියෝව ඔස්සේ සජීවීව විකාශය කිරීමට නියමිතයි.

මේ අතර දෙවිනුවර ඓතිහාසික ශී‍්‍ර විෂ්ණු මහා දේවාලයේ ඇසළ මහා පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර වීථි සංචාරය කිරීම අද පස්වරුවේ සුභ මොහොතින් ආරම්භ කෙරුණා. ඒ පිළිබඳ තොරතුරු නෙත් විශේෂ නියෝජිත සමීර බණ්ඩාර වීරකෝන්ගෙන්. 


දෙවිනුවර ඓතිහාසික ශී‍්‍ර විෂ්ණු මහා දේවාලයේ ඇසළ මහා පෙරහැර මංගල්‍යය සඳහා නෙත් එෆ් එම් රේඩියෝව බැතිබර මාධ්‍ය අනුග‍්‍රහය ලබා දෙනවා. ජාතික ලොතරැුයි මණ්ඩලය, මාතර කොටුවේ කඬේ, මන්ම්පේරි බාත් වෙයාර්, රත්නමහල් ජුවලර්ස් සහ තමලූ එන්ටර්ප‍්‍රයිසස් මේ සඳහා අත්වැල් බැඳ ගෙන සිටිනවා.