Monday, May 20, 2024

General line - 0115112241

පෞද්ගලික විශ්ව විද්‍යාල ව්‍යාප්ත වෙමින් පවතින පරිසරයක රාජ්‍ය විශ්ව විද්‍යාල වසා දැමීම කුමන්ත‍්‍රණයක් - පරිපාලනය සහ සිසුනුත් වගකිව යුතුයි

නිශාන් ද සිල්වා




පේරාදෙණිය විශ්ව විද්‍යාලය මාස 02ක කාල සීමාවක් සඳහා වසා දැමීමට ගත් තීරණය අනුමත කළ නොහැකි බව විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසනවා. එහි සභාපති මහාචාර්ය කේ කේ අයි යූ අරුණ කුමාර පැවසුවේ මෙලෙස වරින්වර රාජ්‍ය විශ්ව විද්‍යාල වසා දැමීම කුමන්ත‍්‍රණකාරි තත්ත්වයක් බවයි. 

පෞද්ගලික විශ්ව විද්‍යාල ව්‍යාප්ත වෙමින් පවතින පරිසරයක් තුළ රාජ්‍ය විශ්ව විද්‍යාල අඛණ්ඩව පවත්වාගෙන යාම විශ්ව විද්‍යාල පරිපාලනය මෙන්ම සිසුන්ගේද වගකීමක් වන බවද විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපතිවරයා පෙන්වා දුන්නා.