Monday, May 20, 2024

General line - 0115112241

එක්දින තරගාවලියට දකුණු අප්‍රිකානුවෝ සුදානම්

සමන්ත කුමාර




ටෙස්ට් තරගාවලියේදී සිය පිතිකරුවන් දැක්වූ අඩුපාඩු මගහරවා ගෙනශී‍්‍ර ලංකාව සමග පැවැත්වෙන එක්දින කි‍්‍රකට් තරගාවලියට මුහුණ දෙනු ඇතැයි දකුණු අපි‍්‍රකානු කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ඬේල් බෙන්කෙන්ස්ටේන් පවසනවා.

ශී‍්‍ර ලංකාව සමග පැවැත්වෙන එක්දින තරගාවලිය එළඹෙන ලෝක කුසලාන තරගාවලියට සූදානම්වීම සදහා වඩාත් වැදගත් තරගාවලියක් වනු ඇති බවයි ඔහු ප‍්‍රකාශ කර ඇත්තේ.

දෙරට අතර තරග 5 කින් සමන්විත එක්දින තරගාවලිය හෙට (29) ආරම්භවීමට නියමිතයි. පළමු තරගය පැවැත්වෙන්නේ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදීයි.