Monday, May 20, 2024

General line - 0115112241

වී අතිරික්තයක් තිබුණත් එහි වාසිය පාරිභෝගිකයාට සහ ගොවියාට නැහැ

සජිත් තිලකරත්න/ නිශාන් ද සිල්වා/ පසන් වික්‍රමතිලක




මෙරට වී නිෂ්පාදනය අතිරික්තයක් දක්වා ඉහළ ගියද එහි වාසිය ගොවියාට හෝ පාරිභෝගිකයාට නොලැබෙන බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය පවසනවා. එහි ජාතික සංවිධායක නාමල් කරුණාරත්න පැවසුවේ මෙම කන්නයේදී වී අතිරික්තයක් ඇති විය හැකි බව ආණ්ඩුව ප‍්‍රකාශ කළද මෑත කාලයේදී පවා සහල් මෙටි‍්‍රක් ටොන් ලක්‍ෂ 8 කට වැඩි ප‍්‍රමාණයක් මෙරටට ආනයනය කර ඇති බවයි. 

මෙම කන්නයේදී සහල් අතිරික්තයක් ඇති වුවහොත් තිරිගු පිටි සදහා පනවා ඇති බදු ඉහළ දැමීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර ඉකුත්දා ප‍්‍රකාශ කළා. කෙසේවෙතත් එවැනි තීරණයක් මගින් සිදුවන්නේ ජනතාව පීඩාවට පත්වීම පමණක් බවද නාමල් කරුණාරත්න වැඩිදුරටත් පෙන්වා දුන්නා.

සහල් ආශි‍්‍රත අතුරු නිෂ්පාදන ප‍්‍රචලිත කිරීම සදහා ආණ්ඩුව දැන් හෝ විධිමත් වැඩපිළිවෙලක් කි‍්‍රයාත්මක කළයුතු බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

මේ අතර තිරිගු පිටි මිළ ඉහළ දැමීමට කටයුතු කරන බවට අමාත්‍ය මහින්ද අමරවීර සිදුකළ ප‍්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වමින් සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන් කේ ජයවර්ධන පැවසුවේ එසේ කළහොත් සියළු බේකරි නිෂ්පාදනවල මිළ ඉහළ දමන බවයි.