Monday, May 20, 2024

General line - 0115112241

අල්ලස හා දූෂණය අවම කිරීමට නව ඒකකයක්

හරිත පෙරේරා




අල්ලස හා දූෂණය අවම කිරීමට ශක්තිමත් නිවාරණ ඒකකයක් ඉදිරියේදි ස්ථාපිත කරන බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසනවා. එහි අධ්‍යක්‍ෂ ජනරාල් ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න කොළඹ පැවති මාධ්‍ය හමුවකදි මේ බව කියාසිටියා.

අත්අඩංගුවට ගැනීම්වලින් පමණක් අල්ලස හා දූෂණය නතර කළ නොහැකි බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ. හොංකොං දේශයෙන් ඊට උදාහරණ ගත හැකි බවද අල්ලස් කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා මෙහිදී පෙන්වා දුන්නා.

ඉදිරියේදී අධ්‍යාපනය, කලාව සහ මාධ්‍ය යොදා ගනිමින් අල්ලසට එරෙහි ජන මනසක් නිර්මාණය කිරීමට ශී‍්‍ර ලංකාවටද සිදුවන බව මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණා.