Monday, May 20, 2024

General line - 0115112241

දකුණට තද සුළං - අද කාලගුණය මෙන්න




ඌව සහ නැගෙනහිර පළාත් වලත් මුලතිව් දිස්ත්‍රික්කගේත් තැනින් තැන සවස 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මධ්‍යම සහ සබරගමුව පළාත් වල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවත්, කළුතර සහ මාතර දිස්ත්‍රික්කවල සිහින් වැසි ඇතිවියහැකි බවත් වැඩිදුරටත් පවසනවා.

දකුණු පළාතේ විටින් විට හමන පැ.කි.මී. 40-50 දක්වා තරමක් තද සුළං (Gusty winds) ඇතිවිය හැකි බවයි අනාවැකි පළවන්නේ. 

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රතශවව තාවකාලිකව තද සුළං ඇති විය හැකි බැවින් අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට සැලකිලිමත්වන්නැයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට උපදෙස් ලබා දෙනවා.