Monday, May 20, 2024

General line - 0115112241

කළු බැටළුවෝ ටිකයි! සුදු බැටළුවෝ ගොඩයි! එල්ලන අය එල්ලන්න! දහම් මග යන අපිටත් සහනයක් දෙන්න! සිරකරුවකු මැති ඇමතිවරු ඉදිරියේ කළ සංවේදී කතාව (VIDEO)




සිරගතව සිට දහම් පාසල් අවසාන විභාගයට පෙනී සිට ඉන් සමත් වූ 19 දෙනෙකු හා ධර්මාචාර්ය විභාගය සමත් වූ දෙදෙනෙකු වෙත අදාළ සහතික පත්‍ර ප්‍රදානය අවස්ථාවේ එම උත්සවය අමතමින් සිරකරුවකු ද අදහස් දැක්වූ අතර ඔහු එහිදී වටිනා අදහස් කිහිපයක් පළ කළේ පැමිණ සිටි පිරිස මවිතයට පත් කරමිනුයි. වැරදිවලට දඬුවම් දෙන අතරේ පොත් ලියන දැහැමි අපිට සහනයක් දෙන්න යනුවෙන් ඔහු එහිදී ඉල්ලීමක් ද සිදු කළා.

මෙම උත්සව අවස්ථාවට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරල, බන්ධනාගාර කොමසාරිස් එච්.එම්.එන්.සී. ධනසිංහ, බන්ධනාගාර පුනරුත්ථාපන කොමසාරිස් චන්දන ඒකනායක, ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ සභාපති දීපාල් චන්ද්‍රරත්න ඇතුළු අධිකරණ හා සාහිත්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් රැසක් එක්ව සිටියා.

බන්ධනාගාරගත වී සිටින රැඳවියන් අතර වැඩිවැඩියෙන් පොත්පත් කියවන සහ තමන් කිය වූ කෘති සම්බන්ධව යම් ආකාරයක විචාරයක් ඉදිරිපත් කිරීමේ අවස්ථා ඇති කර ඒ අනුව රැඳවියන්ගේ සිරගත කාලය අඩුකිරීමේ වැඩපිළිවෙළක් අධිකරණ අමාත්‍යවරිය සමග එක්ව සකස් කර ජනාධිපතිවරයාට ඉදිරිපත් කිරීමටත් තමා අදහස් කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා වැලිකඩ බන්ධනාගාරයේ දී පැවති උත්සවයක දී පසුගියදා ප්‍රකාශ කළා ප්‍රකාශ කළා.