Monday, May 20, 2024

General line - 0115112241

මත්ද්‍රව්‍ය මඩින්න නව බලකායක්

නිශාන් ද සිල්වා




මත්ද්‍රව්‍ය ජාවාරම මැඩපැවැත්වීමට ඒකාබද්ධ කාර්ය සාධක බලකායක් පිහිටුවීමට තීරණය කර තිබෙනවා. ජාතික පොලිස් කොමිසමේ ඉල්ලීම පරිදි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ මූලිකත්වයෙන්. ඒ සදහා වන මූලික වටයේ සාකච්ඡුාවක්ද පවත්වා ඇතැයි සදහන්.

මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමට දැනට කි‍්‍රයාත්මක රාජ්‍ය ආයතන ඒකාබද්ධව මෙහෙයුම් කි‍්‍රයාත්මක කිරීමට එමගින් සැලසුම් කර තිබෙනවා. එවැනි ක‍්‍රමවේදයක් කි‍්‍රයාත්මක කිරීමෙන් මහජන විශ්වාසය වැඩිවී එම ආයතනවලට අවශ්‍ය තොරතුරු ලබාගැනීමට හැකිවනු ඇති බවයි එම ආයතනවල මතය වී ඇත්තේ. ඒ හරහා ප‍්‍රබල මෙහෙයුම් සිදුකිරීමට හැකි බව ද එම ආයතනවල විශ්වාසය වී තිබෙනවා.