Monday, May 20, 2024

General line - 0115112241

Online ක‍්‍රමයට අන්තර් පළාත් බස්රථවල ආසන වෙන්කරවා ගැනීම ළගදිම

නිශාන් ද සිල්වා




අන්තර් පළාත් පෞද්ගලික බස් රථ සදහා ඔන්ලයින් ක‍්‍රමයට ආසන වෙන් කිරීම නොබෝ දිනකින් ආරම්භ කරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසනවා.

ප‍්‍රථමයෙන් එම පහසුකම නැගෙනහිර, ඌව පළාත්වල මෙන්ම කතරගම දක්වා ධාවනය වන දුර ගමන් බස්රථ සදහා ආරම්භ කරන බවයි එහි ප‍්‍රකාශකයෙකු කියාසිටියේ. මෙම පහසුකම යටතේ ආසන වෙන් කිරීමේදි බස් ගාස්තුවට අමතරව රුපියල් 30 ක් මුදලක් පමණක් අයකර ගන්නා බවයි ප‍්‍රකාශ කෙරුණේ.