Monday, May 20, 2024

General line - 0115112241

කොළඹ ප‍්‍රදේශ කිහිපයකට පැය 9 ක ජල කප්පාදුවක්

සමන්ත කුමාර




නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද (28) රාතී‍්‍ර නවයේ සිට හෙට (29) උදෑසන 6 දක්වා කොළඹ ප‍්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා. 

වැල්ලවත්ත, දෙහිවල, ගල්කිස්ස, රත්මලාන, කළුබෝවිල, නැදිමාල සහ නුගේගොඩ යන ප‍්‍රදේශවල ජලසැපයුම එලෙස අත්හිටුවනු ඇති. 

ඊට අමතරව රාජගිරිය,පැලවත්ත, මුල්ලේරියාව, බණ්ඩාරනායකපුර, රෝයල් පාර්ක් සහ ලේක් ගාර්ඞ්න් යන ප‍්‍රදේශවලටද අදාළ කාලසීමාව තුළ අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බවද ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සදහන් කළා.