Monday, May 20, 2024

General line - 0115112241

දකුණු අපි‍්‍රකානු යොවුන් පිල මලින්ද පුෂ්පකුමාරගේ පන්දු හමුවේ පසු බසී

සමන්ත කුමාර




සංචාරක දකුණු අපි‍්‍රකානු නැගී එන කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා නැගී එන කණ්ඩායම අතර පැවැත්වෙන සිව්දින කි‍්‍රකට් තරගයේ තුන්වන දිනය අදයි (28). සිය දෙවන ඉනිම කී‍්‍රඩා කළ දකුණු අපි‍්‍රකානු කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර ලකුණු 109 කට දැවී ගියා.

පන්දුවෙන් දස්කම් දැක්වූ මලින්ද පුෂ්පකුමාර ලකුණු 45 කට කඩුළු 6 ක් දවා ගත්තා. කමිදු මෙන්ඩිස් ලකුණු 46 කට කඩුළු 3 යි.

දකුණු අපි‍්‍රකානු කණ්ඩායම පළමු ඉනිමේදී කඩුළු 9 ක් දැවී ලකුණු 394 ක් රැස් කළා. ශී‍්‍ර ලංකා පිල පළමු ඉනිමේදී රැස් කළේ ලකුණු 194 ක් පමණයි. තරගය ජයග‍්‍රහණය සදහා ශී‍්‍ර ලංකා කණ්ඩායම දෙවන ඉනිමේදී ලබාගත යුතු ලකුණු සංඛ්‍යාව 310 ක්.

තරගය පැවැත්වෙන්නේ කටුනායක නිදහස් වෙළද කලාප කී‍්‍රඩාංගණයේදීයි.