Monday, May 20, 2024

General line - 0115112241

අතිවිශේෂ ගැසට් නිවේදනයක දෝෂයක් කී‍්‍රඩා ඇමති හෙළි කරයි

කසුන් කැලුම්




ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය සඳහා නිසි බලධාරියෙකු පත් කිරිමට අදාළව නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනයේ අවසාන කොටසේ යතුරු ලියන දෝෂයක් හේතුවෙන් 41 එක වගන්තිය වෙනුවට 44 එක වගන්තිය සටහන්ව තිබූ බව කි‍්‍රඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා පවසනවා. 

නිවේදනයක් නිකුත් කරමින් ඔහු පැවසුවේ එම දෝෂය නිවැරදි කිරීමෙන් පසු ඉකුත් දා පැවැති කැබිනට් හමුවේදී අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා ගත් බවයි. මෙම ගැසට් නිවේදනය ඉදිරියේදී අනුමැතිය ලබා ගැනීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි කි‍්‍රඩා අමාත්‍යවරයා පැවසුවේ.