Monday, May 20, 2024

General line - 0115112241

තරුණයින් දෙදෙනෙකු යාපනයේදී දුම්රියේ ගැටී මරුට

කසුන් කැලුම්




යාපනය නැදුන්කුලම් කොළඹතුරේ ප‍්‍රදේශයේදී දුම්රිය හරස් මාර්ගයක සිදුවූ රිය අනතුරකින් තරුණයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලීසිය පැවසුවේ දුම්රිය හරස් මාර්ගයේ විදුලි සංඥා කි‍්‍රයාත්මක කර තිබූ අවස්ථාවක මොවුන් ගමන්ගත් යතුරු පැදිය දුම්රිය මාර්ගය හරහා ධාවනය කර ඇති බවයි.

එහිදී මෙම යතුරු පැදිය කොළඹ කන්කසන්තුරේ දක්වා ගමන් කළ සීග‍්‍රගාමී දුම්රියක ගැටී තිබෙනවා.  අනතුරින් මිය ගොස් ඇත්තේ යාපනය අරියාලේ ප‍්‍රදේශයේ පදිංචි තරුණයන් දෙදෙනෙක්.