Tuesday, May 7, 2024

General line - 0115112241

තිසරව වෙනස් කරලා




තිසර පෙරේරා 2019 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේදී ශ‍්‍රී ලංකා කණ්ඩායමට අත්‍යවශ්‍යම ක‍්‍රීඩකයෙකු බවට දැන් පත්ව ඇතැයි ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු තිලාන් සමරවීර පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ ගත වූ මාස 06දී පිතිකරුවෙකු ලෙස තිසර සීඝ‍්‍ර දියුණුවක් ලබා ඇති බවයි.

ළඟදීම ඔහු එක්දින ශතකයක් වාර්තා කරනු ඇති බවද තිලාන් සමරවීර අනාවැකි පළ කර තිබෙනවා. 

තිසර පෙරේරාගේ පන්දු යැවීමේ අංශය ද කැපී පෙනෙන ලෙස වර්ධනය වී ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ. තිසරගේ පන්දු යැවීම වෙනස් කිරීමට පන්දු යැවීමේ පුහුණුකරු රුමේෂ් රත්නායක සමත් වූ බවද තිලාන් සමරවීර පෙන්වා දෙනවා. 

දකුණු අප‍්‍රිකාවට එරෙහි ඊයේ (29) තරගයේ ලකුණු 36කට කඩුලූ 05ක් බිඳ වැටී තිබූ අවස්ථාවේ තිසර පෙරේරා, කුසල් ජනිත් පෙරේරා සමග එක්ව 06 වන කඩුල්ලට ලකුණු 92ක් එක් කළා. පන්දු 30කදී තිසර රැස් කළ ලකුණු සංඛ්‍යාව 49ක්.