Monday, May 6, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම පරදා ඉන්දීය පිලට කඩුලු 6ක ජයක්

සමන්ත කුමාර




ශී‍්‍ර ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සමග පැවැති පළමු එක්දින කි‍්‍රකට් තරගයෙන් කඩුළු 06ක ජයක් අත් කර ගැනීමට සංචාරක ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අද (30) සමත්වුණා.

මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශී‍්‍ර ලංකා 19න් පහළ කණ්ඩායමට පන්දුවාර 38.4කදී සියල්ලන් දැවී රැස් කිරීමට හැකිවූයේ ලකුණු 143ක් පමණයි. 

පිළිතුරු ඉනිම කී‍්‍රඩා කළ ඉන්දීය කණ්ඩායම පන්දුවාර 37.1 කදී කඩුළු 04ක් පමණක් දැවී තරගයේ ජය වාර්තා කළා. තරගය පැවැත්වුණේ කොලඹ පී සරා ඕවල් කි‍්‍රඩාංගනයේදීයි.