Tuesday, May 7, 2024

General line - 0115112241

අඩුපාඩු නිවැරදි කර ගනිමින් අද තරගයට

කාංචන කුමාර ආරියදාස




සංචාරක දකුණු අප‍්‍රිකානු කණ්ඩායම සහ ශ‍්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන එක්දින ක‍්‍රිකට් තරගය අද (01) පැවැත්වෙනවා. රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී මෙය පැවැත්වෙන්නේ දිවා රාත‍්‍රී තරගයක් ලෙසයි.

පළමු තරගයේ දී පිතිකරුවන් අතින් සිදු වූ අඩුපාඩු නිවැරදි කර ගනිමින් අද තරගයට මුහුණදෙන බවයි ශ‍්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් කියා සිටියේ. මේ අතර ඊයේ දඹුල්ලේ පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් මැතිව්ස්ගෙන් විමසා සිටියේ කණ්ඩායමේ පිතිකරණ අනුපිළිවෙල විටින් විට වෙනස් කරන්නේ ඇයිද යන්නයි. 

ඊට පිළිතුරු දුන් මැතිව්ස් පැවසුවේ තැනට සුදුසු අයුරින් ක්‍රීඩකයින් ස්ථාන ගතකරනා බවයි. ඕනෑම ස්ථානයක ක්‍රීඩා කිරීමට ක්‍රීඩකයින් ඉන් හුරුවන බව පැවසූ ඔහු පෙන්වා දුන්නේ ලෝක කුසලානය ඉලක්කකරගනිමින් හොඳම සම්බන්ධතා හඳුනා ගැනීමද මෙහි එක් අරමුණක් බවයි. මේ පිළිබඳ ක්‍රීඩකයින්ගේද අකමැත්තක් නොමැති බවයි ඔහු පෙන්වා දෙන්නේ.