Tuesday, May 7, 2024

General line - 0115112241

ඉම්රාන් ඛාන් දිවුරුම් දෙන අවස්ථාවට සහභාගී වන ක්‍රිකට් ක්‍රීඩකයෝ

තරංග රුක්ෂාන් ජයසේකර




හිටපු සුපිරි ක‍්‍රිකට් ක‍්‍රීඩක ඉම්රාන් ඛාන් පකිස්තානයේ අග‍්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙන උත්සවයට සහභාගී වීම සඳහා සුපිරි ඉන්දීය ක‍්‍රීඩකයින් කිහිප දෙනෙකුට ආරාධනා කර තිබෙනවා. ඒ අතරට ඔහුගේ සමකාලීනයින් වන සුනිල් ගවස්කාර්, කපිල් දේව් සහ නව්ජෝට් සිං සිදු ද අයත්.

ඉම්රාන් ඛාන් අග‍්‍රාමාත්‍ය ධූරයේ දිවුරුම් දෙන උත්සවයට බොහෝ දුරට ඔවුන් තිදෙනා සහභාගී වනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.

මැතිවරණයෙන් ජයගත් විගස ඉම්රාන් ඛාන්ට සුභපැතු ක‍්‍රිකට් ක‍්‍රීඩකයින් අතර කපිල් දේව් ද ඉදිරියේ පසුවුණා.