Friday, May 17, 2024

General line - 0115112241

"අද තරගයේ වෙනස්කමක් කරනවා නම් එක ක්‍රීඩකයයි අවධානයට ඉන්නේ"

කසුන් කැළුම්




සංචාරක දකුණු අපි‍්‍රකානු කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කණ්ඩායම අතර පස්වන සහ අවසන් එක්දින කි‍්‍රකට් තරගය කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගනයේදී අද (12) පැවැත්වෙනවා.

දිවා රාති‍්‍ර තරගයෙක් ලෙස පැවැත්වෙන මෙම තරගය පස්වරු 02.30ට ආරම්භ වීමට නියමිතයි.

තරග 05කින් සමන්විත මෙම තරගාවලිය මේ වනවිට 3 ට 1 ක් ලෙස දකුණු අපි‍්‍රකානු කණ්ඩායම ජය ගෙන අවසන්. 

අද තරගය පිළිබඳ අදහස් දක්වන ජාත්‍යන්තර කි‍්‍රකට් විස්තර විචාරක රොෂාන් අබේසිංහ සඳහන් කළේ පසුගිය තරගයේ දකුණු අප්‍රිකානු කණ්ඩායමේ දුර්වලතා රැසක් පෙන්නුම් කිරීම සහ ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණයේ ඇති ශක්තිමත්කම මත ජයග්‍රහණය හිමි වූ බවයි. අද තරගයේදී දකුණු අප්‍රිකානුවන් දුර්වලතා මගහරවා ගනිමින් තරගයට පිවිසෙනු ඇතැයි අපේක්ෂා කළ හැකි බවත් ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණය පෙරටත් වඩා ශක්තිමත් විය යුතු බවත් පෙන්වා දුන්නා.

ශී‍්‍ර ලංකා කණ්ඩායම කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගනයේදී මේ දක්වා සහභාගී වී ඇති එක්දින කි‍්‍රකට් තරග සංඛ්‍යාව 106ක්. ඉන් තරග 64ක් ජය ගත් ශී‍්‍ර ලංකාව තරග 35ක් පරාජයට පත්ව තිබෙනවා.

ශී‍්‍ර ලංකාව සහ දකුණු අපි‍්‍රකාව අතර කොළඹ ආර්. පේ‍්‍රමදාස කි‍්‍රඩාංගනයේදී පවත්වා ඇති එක්දින තරග සංඛ්‍යාව 09ක්. ඉන් ශී‍්‍ර ලංකාව තරග 07ක් ජය ගත් අතර දකුණු අපි‍්‍රකාව තරග 02ක් ජය ගත්තා.  

ශී‍්‍ර ලංකා කණ්ඩායම කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගනයේ අවසන් වරට සහභාගී වූ එක්දින තරග දෙක පරාජයට පත්ව තිබීමද විශේෂත්වයක්.

අද තරගයේදී ශී‍්‍ර ලංකා කණ්ඩායමේ සිදුවිය හැකි වෙනස්කම් පිළිබඳවද ජාත්‍යන්තර කි‍්‍රකට් විස්තර විචාරක රොෂාන් අබේසිංහ පැහැදිළි කළා.

එහිදී "වෙනස්කමක් වෙනවා නම් බොහෝවිට ලහිරු කුමාර ගැන තමයි අවධානය යොමු කරන්න ඕනේ. මොකද ඔහුට තරුණ ක්‍රීඩකයෙක් හැටියට..එක්දින තරග සහ ටෙස්ට් තරග දෙක අතර පන්දු යැවීමේ වෙනස්කම් පිළිබඳව තවමත් ලොකු අවබෝධයක් නෑ. ඔහු පන්දු යවන ආකාරය අනුව එහෙම හිතන්න පුළුවන්..ඒක සාධාරණ සිතුවිල්ලක්. එහෙම නැත්නම් ජයග්‍රාහි කණ්ඩායමක් වෙනස් කිරීමට අවශ්‍ය නෑ." යනුවෙන් සඳහන් කළා.