ශී‍්‍ර ලංකාවේ සුපිරි වේග පන්දු යවන කී‍්‍රඩක ලසිත් මාලිංග සම්බන්ධයෙන් ළගදීම තීරණයක් ගන්නා බව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය පවසනවා. ඒ, කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදීයි. එහිදී කි‍්‍රකට් තේරීම් කමිටු සාමාජික ගාමිණි වික්‍රමසිංහ පැවසුවේ දේශීය තරගවලදී දක්වන දක්ෂතා මත ලසිත් මාලිංග සම්බන්ධයෙන් මෙවර අනිවාර්යයෙන්ම තීරණයක් ගන්නා බවයි.
මෙම මාධ්‍ය හමුවට එක් වූ ශී‍්‍ර ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ පැවසුවේ තේරීම් තරගවලට සහභාගීවීමේ අවස්ථාව මාලිංගට ඇති බවත් දක්ෂතා අනුව ඔහුට කණ්ඩායමට ඇතුළත්වීමේ අවස්ථාව ඇති බවත්ය.
සුපිරි වේග පන්දු යවන කී‍්‍රඩක ලසිත් මාලිංග අවසන්වරට එක්දින තරගයක් වෙනුවෙන් ශී‍්‍ර ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කර ඇත්තේ මීට වසරකට පෙරයි.