Tuesday, May 21, 2024

General line - 0115112241

කාසල්රී ජලාශය පිටාර මට්ටමට




මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප‍්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් කාසල්රී ජලාශය පිටාර මට්ටමට ආසන්න වී තිබෙනවා. එම ජලාශයේ එක් වාන් දොරටුවක් තවදුරටත් විවෘත කර ඇති බවයි ලංකා විදුලි බල මණ්ඩලය පැවසුවේ. මාවුස්සාකැලේ ජලාශයේ එක් වාන් දොරටුවක්ද තවදුරටත් විවෘතව පවතින බව විදුලි බල මණ්ඩලය පැවසුවා. නෝර්ටන් බි‍්‍රජ්, ලක්ෂපාන, කැනියොන් සහ ඉහළ කොත්මලේ ජලාශද වාන් දමමින් පවතිනවා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ අද උදෑසන 08.30න් අවසන් වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය කැනියොන් ප‍්‍රදේශයෙන් වාර්තා වී ඇති බවයි. එම ප‍්‍රදේශයට මිලි මීටර් 85ක වර්ෂාපතනයක් ලැබී ඇති බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කළා.